එදා කාන්තාව මුලුතැන්ගෙට අරපිරිමැස්ම එක්කර ගත් අයුරු

ඉපැරනි නිවෙස් වල අද මෙන් විදුලි බලය තිබුනේ නැත. එදිනෙදා වැඩ කටයුතු ඉටුකරගනු ලැබූවේ ස්වභාවික සූර්‍යාලෝකයෙනි.අහාර කල් තබා ගැනීම සිදු වූයේ වියලීම තුලිනි ලුනු දෙහි අටු කොස් පොල් දෙල් කොස් ආදී ආහාර වර්ග මෙන්ම රෙදි පිලි හඳින් වියලා තබා ගැනිමට ඇය හිරු එලිය ප්‍රයෝජනයට ගනු ලැබුවාය.
                            එදිනෙදා ප්‍රයෝජනයට අවශ්‍ය කරන ඇට වර්ගක් හෝ කුඩු කරගන්නා ආහාරයක් වංගෙඩියේ දමා එදා කොටාගනු ලැබූ අතර මිරිස් ආදිය මිරිස් ගලෙහි අඹරාගනු ලැබීය. අද වන විට නවීන මුලුතැන්ගෙයක මිරිස් ගල වංගෙඩිය බවට පත්ව තිබෙන්නේ විදුලිබලයෙන් ක්‍රියා කරවන බ්ලෙන්ඩරයයි. ඔබ පුංචි පුංචි දෑ කෙටීම සහ අඹරා ගැනීම සඳහා මිරිස්ගල වංගෙඩිය භාවිතා කරනවානම් වඩා ඵලදායී වේ. එයින් වැඩි විදුලි බලයක් අපතේ යාම අවම වේ.
                       ඔබට වැඩ කටයුතු පහසු කර ගැනීමට ගෑස් ලිප ප්‍රයෝජනවත් වෙයි. ඒ නිසා ගෑස් ලිප ඔබගේ සිත දිනාගෙන සිටියි. නමුත් මෙහි තිබෙන අවාසිය නම් එක වෑංජනයක් පිසු පසු එය  නිවා දැමීමයි නැවත ඔබට තවත් වෑංජනයක් ලිප මත තබා ගැනීමට නැවත වරක් ගෑස් ලිප දැල්විය යුතුය. නමුත් දර ලිපක ඔබ පිසීමේ වැඩ කටයුතු කලේ නම් නැවත ලිප දැල්වීමට අවශ්‍ය නොවේ. එම ලිප මත තිබෙන අඟරු වලින් ලිප දල්වාගෙන එම කටයුත්ත ඉටුකර ගත හැකි වෙයි.
                       එදා කාන්තාව බත පිසීමේදී බත ලිප මත තබා බත් මුට්ටිය වසන නෑඹිලියට ජලය දමා ලිප තැබීමක් සිදු කලහ. එසේ සිදු කරන්නේ යම් විටකදී බතට ජලය මදි වීමක් සිදු වීමෙන් එම නෑඹිලිය මත තිබෙන ජලය බතට දැමීමට හැකි වන නිසාය . තවද උඩිනුත් රස්නය තිබෙන නිසා බත නිසි ලෙස පිස ගැනීමට හැකි වන නිසාය. ඒ වගේම නැවත බතට ජලය හිඟ වී ජලය අවශ්‍ය වන විට ජලය රත් කර දැමීමට සිදු වීමෙන් බල ශක්තිය අපතේ යාමක් සිදු වන නිසාය.  මෙම ක්‍රම මගින් එසේ සිදු නොවේ. මෙය දර ලිපක පමනක් නොව ඔබ භාවිතා කරන ගෑස් ලිප මත වුනත් මෙය සිදු කල හැක. එයින් ඔබගේ ගෑස් දහනයද අවම කර ගැනීමටද හැකි වෙයි

Comments

Post a Comment

Popular posts from this blog

කද මල්ලේ බඩු අඩු නම් හරිම ඇබැද්දියක් තමා වෙන්නේ...