ගැමි සිරියාව විදහා දක්වන සුන්දර මී මුරේ.... වසර ගණනාවකට නෑකම් කියන අතීතයක් තිබෙන මීමුරේ ගම්මානයේ ජිවත්වන ජනතාවගේ ප්‍රධාන ජීවනෝපාය වන්නේ ගොවිතැනයි.ගොවිතැන මුලික කරගත් ජන ජීවිතයකට උරුමකම් කියන මීමුරේ වැසියන් තම නිවාස හා අනෙකුත් අංග උපාංග තනා ගැනීමේදී ද ගොවිතැනට මුල් තැනක් ලබා දී ඇතී බව නිරික්ෂන්යේදී ගම්‍ය මාන විය. වර්තමානය වන විට ගැමි ලක්ෂණ වලට එහා ගිය නවීන ගෘහ නිර්මාණ ලක්ෂණයන් දැක ගැනීමට ලැබුන ද අතීත ලක්ෂණයන් එලසින් ම පවතින නිවාස බොහොමයක් හමු විය. වසර පනහකට හැටකට ඈතකදී ඉදි වූ නිවාස ද තවමත් එලෙසි ම දැකගැනීමට පුළුවන. මොවුන් නිවාස ඉදිකිරීමට පෙර එයට සුදුසු බිම් කඩක් තොර ගැනීම මුලින් ම සිදු කරයි.සුදුසු බිම් කොටසක් සොයා ගැනිමෙන් පසුව එම භුමිය දෙවියන්ට භාර දී නිවාස ඉදිකොට අවසන් වනතුරුම දෙවියන්ට මුල් තැන දෙ...