Posts

Showing posts from February, 2018

කද මල්ලේ බඩු අඩු නම් හරිම ඇබැද්දියක් තමා වෙන්නේ...

Image
එදා ගම්බද ගෙයක ප්‍රධාන අංගය වූයේ මඟුල් මඩුව නිර්මාණය කිරීමයි .මේ සඳහා මසකට පමන කලින් පුවක් ගස් හත අටකුත් පොල් පරාල කිහිපයකුත් සපයාගත යුතු වූ හෙයින් ඒවා එකතු කර පිළියෙල කිරීමට ගමේ මඟුල් මඩු පිළිබඳව මනා දක්ෂතාවයක් ඇති කීප දෙනෙක්ද අවශ්‍ය වූහ.තරුණ ගැටවුන් මේ කටයුත්තට ඉදිරිපත් වූයේ අද මෙන් මුදල් ගරා ගැනීමේ අවශ්‍යතා චේතනාවෙන් නොවේ. ගමේ සමගිය හා සාමූහිකත්වය හා ඉදිරිපත් වීම ආදර්ශයක් කරගත් ඔවුහු නොමිලයේ මගුල් මඩුවේ වැඩ කටයුතු කලහ. ලියකම් මල්කම් හා ගෙත්කම් වලින් මඩුව සැරසීමට වෙසක් කඩදාසි ,පූලී කොල හා වාර්නිෂ් කඩදාසි ඇද ආමිනි බෝල එල්ලා,දෙව් විමනක් මෙන් සැරසීම එකිනෙකාගේ දස්කම් විදහා පෑමේ ලකුනක් විය.                  හොඳ නැකැත් වේලාවක මඩුවේ මුල් කණුව සිටුවීම සිදු විය. එදාට  කැවුම්,  කිරිබත්,කෙසෙල් ගෙඩි ආදියෙන් සංග්‍රහ ලැබූ තරුණයෝ ගමේ වැඩ අරඹති. බොහෝ මඟුල් මඩු සාදන ලද්දේ ගෙය ඉදිරිපිටින්මය. ඊට හේතුව මඩුවේ ඇති සැරසිලි නිසා ගෙයි අඩුපාඩු තිබිනි නම් ඒ සියල්ල වැසීයාමයි.මඟුල මඩුවක් තනා අවසන් කිරීමට සති දෙකක් පමණ ගත වේ.මේ සඳහා දිනපතා තරුණයෝ දහ පහලොස...

එදා කාන්තාව මුලුතැන්ගෙට අරපිරිමැස්ම එක්කර ගත් අයුරු

Image
ඉපැරනි නිවෙස් වල අද මෙන් විදුලි බලය තිබුනේ නැත. එදිනෙදා වැඩ කටයුතු ඉටුකරගනු ලැබූවේ ස්වභාවික සූර්‍යාලෝකයෙනි.අහාර කල් තබා ගැනීම සිදු වූයේ වියලීම තුලිනි ලුනු දෙහි අටු කොස් පොල් දෙල් කොස් ආදී ආහාර වර්ග මෙන්ම රෙදි පිලි හඳින් වියලා තබා ගැනිමට ඇය හිරු එලිය ප්‍රයෝජනයට ගනු ලැබුවාය.                             එදිනෙදා ප්‍රයෝජනයට අවශ්‍ය කරන ඇට වර්ගක් හෝ කුඩු කරගන්නා ආහාරයක් වංගෙඩියේ දමා එදා කොටාගනු ලැබූ අතර මිරිස් ආදිය මිරිස් ගලෙහි අඹරාගනු ලැබීය. අද වන විට නවීන මුලුතැන්ගෙයක මිරිස් ගල වංගෙඩිය බවට පත්ව තිබෙන්නේ විදුලිබලයෙන් ක්‍රියා කරවන බ්ලෙන්ඩරයයි. ඔබ පුංචි පුංචි දෑ කෙටීම සහ අඹරා ගැනීම සඳහා මිරිස්ගල වංගෙඩිය භාවිතා කරනවානම් වඩා ඵලදායී වේ. එයින් වැඩි විදුලි බලයක් අපතේ යාම අවම වේ.                        ඔබට වැඩ කටයුතු පහසු කර ගැනීමට ගෑස් ලිප ප්‍රයෝජනවත් වෙයි. ඒ නිසා ගෑස් ලිප ඔබගේ සිත දිනාගෙන සිටියි. නමුත් මෙහි තිබෙන අවාසිය නම් එක වෑංජනයක් පිසු පසු එය  නිවා දැමීමයි ...