Posts

කද මල්ලේ බඩු අඩු නම් හරිම ඇබැද්දියක් තමා වෙන්නේ...

Image
එදා ගම්බද ගෙයක ප්‍රධාන අංගය වූයේ මඟුල් මඩුව නිර්මාණය කිරීමයි .මේ සඳහා මසකට පමන කලින් පුවක් ගස් හත අටකුත් පොල් පරාල කිහිපයකුත් සපයාගත යුතු වූ හෙයින් ඒවා එකතු කර පිළියෙල කිරීමට ගමේ මඟුල් මඩු පිළිබඳව මනා දක්ෂතාවයක් ඇති කීප දෙනෙක්ද අවශ්‍ය වූහ.තරුණ ගැටවුන් මේ කටයුත්තට ඉදිරිපත් වූයේ අද මෙන් මුදල් ගරා ගැනීමේ අවශ්‍යතා චේතනාවෙන් නොවේ. ගමේ සමගිය හා සාමූහිකත්වය හා ඉදිරිපත් වීම ආදර්ශයක් කරගත් ඔවුහු නොමිලයේ මගුල් මඩුවේ වැඩ කටයුතු කලහ. ලියකම් මල්කම් හා ගෙත්කම් වලින් මඩුව සැරසීමට වෙසක් කඩදාසි ,පූලී කොල හා වාර්නිෂ් කඩදාසි ඇද ආමිනි බෝල එල්ලා,දෙව් විමනක් මෙන් සැරසීම එකිනෙකාගේ දස්කම් විදහා පෑමේ ලකුනක් විය.                  හොඳ නැකැත් වේලාවක මඩුවේ මුල් කණුව සිටුවීම සිදු විය. එදාට  කැවුම්,  කිරිබත්,කෙසෙල් ගෙඩි ආදියෙන් සංග්‍රහ ලැබූ තරුණයෝ ගමේ වැඩ අරඹති. බොහෝ මඟුල් මඩු සාදන ලද්දේ ගෙය ඉදිරිපිටින්මය. ඊට හේතුව මඩුවේ ඇති සැරසිලි නිසා ගෙයි අඩුපාඩු තිබිනි නම් ඒ සියල්ල වැසීයාමයි.මඟුල මඩුවක් තනා අවසන් කිරීමට සති දෙකක් පමණ ගත වේ.මේ සඳහා දිනපතා තරුණයෝ දහ පහලොස...

එදා කාන්තාව මුලුතැන්ගෙට අරපිරිමැස්ම එක්කර ගත් අයුරු

Image
ඉපැරනි නිවෙස් වල අද මෙන් විදුලි බලය තිබුනේ නැත. එදිනෙදා වැඩ කටයුතු ඉටුකරගනු ලැබූවේ ස්වභාවික සූර්‍යාලෝකයෙනි.අහාර කල් තබා ගැනීම සිදු වූයේ වියලීම තුලිනි ලුනු දෙහි අටු කොස් පොල් දෙල් කොස් ආදී ආහාර වර්ග මෙන්ම රෙදි පිලි හඳින් වියලා තබා ගැනිමට ඇය හිරු එලිය ප්‍රයෝජනයට ගනු ලැබුවාය.                             එදිනෙදා ප්‍රයෝජනයට අවශ්‍ය කරන ඇට වර්ගක් හෝ කුඩු කරගන්නා ආහාරයක් වංගෙඩියේ දමා එදා කොටාගනු ලැබූ අතර මිරිස් ආදිය මිරිස් ගලෙහි අඹරාගනු ලැබීය. අද වන විට නවීන මුලුතැන්ගෙයක මිරිස් ගල වංගෙඩිය බවට පත්ව තිබෙන්නේ විදුලිබලයෙන් ක්‍රියා කරවන බ්ලෙන්ඩරයයි. ඔබ පුංචි පුංචි දෑ කෙටීම සහ අඹරා ගැනීම සඳහා මිරිස්ගල වංගෙඩිය භාවිතා කරනවානම් වඩා ඵලදායී වේ. එයින් වැඩි විදුලි බලයක් අපතේ යාම අවම වේ.                        ඔබට වැඩ කටයුතු පහසු කර ගැනීමට ගෑස් ලිප ප්‍රයෝජනවත් වෙයි. ඒ නිසා ගෑස් ලිප ඔබගේ සිත දිනාගෙන සිටියි. නමුත් මෙහි තිබෙන අවාසිය නම් එක වෑංජනයක් පිසු පසු එය  නිවා දැමීමයි ...
Image
ගැමි සිරියාව විදහා දක්වන සුන්දර මී මුරේ....            වසර ගණනාවකට නෑකම් කියන අතීතයක් තිබෙන මීමුරේ ගම්මානයේ ජිවත්වන ජනතාවගේ ප්‍රධාන ජීවනෝපාය වන්නේ ගොවිතැනයි.ගොවිතැන මුලික කරගත් ජන ජීවිතයකට උරුමකම් කියන මීමුරේ වැසියන් තම නිවාස හා අනෙකුත් අංග උපාංග තනා ගැනීමේදී  ද ගොවිතැනට මුල් තැනක් ලබා දී ඇතී බව නිරික්ෂන්යේදී ගම්‍ය මාන විය. වර්තමානය වන විට ගැමි ලක්ෂණ වලට එහා ගිය නවීන ගෘහ නිර්මාණ ලක්ෂණයන් දැක ගැනීමට ලැබුන ද අතීත ලක්ෂණයන් එලසින් ම පවතින නිවාස බොහොමයක් හමු විය.   වසර  පනහකට හැටකට ඈතකදී ඉදි වූ නිවාස ද තවමත් එලෙසි ම දැකගැනීමට පුළුවන.                                   මොවුන් නිවාස ඉදිකිරීමට පෙර එයට සුදුසු බිම් කඩක් තොර ගැනීම මුලින් ම සිදු කරයි.සුදුසු බිම් කොටසක් සොයා ගැනිමෙන් පසුව එම භුමිය දෙවියන්ට භාර දී නිවාස ඉදිකොට අවසන් වනතුරුම දෙවියන්ට මුල් තැන දෙ...
Image
බුලතේ සුලමුල                                                       ආදි පටන් එන ජාතික සිරිත්                                                       අප දීපයේ දනෝ රකිති                                                       නාගලොවින් ගෙන ආව                                                       බුලත් අත තාම රටේ පවතී                                       ...
Image
කමතේ වරුණ පුරාණයේ සිට කමතට අතිමහත් ගෞරවයක් හිමි විය. ඒ බුද්ධ බෝග ලබා ගන්නා ස්ථානය කමත වූ බැවිණි. ගොවියාගේ වී ඇට ටික රැස්කර දෙනු ලබන්නේ මෙම භූමියෙනි. මේ නිසා කමතේ හිමිකාරිත්වය බුදුන්වහන්සේට පැවරුණි. ඒ බව මෙම කවියෙන් ප්‍රකට ය. මේ කාගේදෝ       කමතා  අපේ බුදුන්ගේ       කමතා.............   පසු ව කමතේ හිමිකම ඉරටත් හඳටත් ලබා දී තිබෙන බව තවත් කවියකින් මෙසේ පැහැදිලි වෙයි. මේ කාගේදෝ          කමතා  ඉර දෙවියන්ගේ        කමතා මේ කාගේදෝ          කමතා  සඳ දෙවියන්ගේ        කමතා   මේ අනුව ඉතිහාසයේ සිට සිංහල ගොවියා කමතෙහි හිමිකම ඉරට, හඳට බුදුන්ට ලබා දී තිබෙන්නේ එහි ඇති වැදගත්කම හා ගෞරවය ආරක්ෂා කර ගැනීම උදෙසා ය. කමතට පමණක් සීමා වූ ගෞරවනීය බස් වහරක් ද සිරිත්විරිත් සමුදායක් ද විශේෂ උපකරණ රැසක් ද පුද පූජා විධි රාශියක් ද දක්නට ලැබෙන්නේ එහෙයිනි. මෙහි දී කමතේ ඇති ඓතිහාසික හා සංස්කෘතික පසුබිම සිංහල ගොවියාගේ ජන ජීවිතය හා සංස්කෘතික පසුබිම සිංහල...