ගැමි සිරියාව විදහා දක්වන සුන්දර මී මුරේ....
වසර ගණනාවකට නෑකම් කියන අතීතයක් තිබෙන මීමුරේ ගම්මානයේ ජිවත්වන ජනතාවගේ ප්‍රධාන ජීවනෝපාය වන්නේ ගොවිතැනයි.ගොවිතැන මුලික කරගත් ජන ජීවිතයකට උරුමකම් කියන මීමුරේ වැසියන් තම නිවාස හා අනෙකුත් අංග උපාංග තනා ගැනීමේදී ද ගොවිතැනට මුල් තැනක් ලබා දී ඇතී බව නිරික්ෂන්යේදී ගම්‍ය මාන විය.
වර්තමානය වන විට ගැමි ලක්ෂණ වලට එහා ගිය නවීන ගෘහ නිර්මාණ ලක්ෂණයන් දැක ගැනීමට ලැබුන ද අතීත ලක්ෂණයන් එලසින් ම පවතින නිවාස බොහොමයක් හමු විය. වසර පනහකට හැටකට ඈතකදී ඉදි වූ නිවාස ද තවමත් එලෙසි ම දැකගැනීමට පුළුවන.
මොවුන් නිවාස ඉදිකිරීමට පෙර එයට සුදුසු බිම් කඩක් තොර ගැනීම මුලින් ම සිදු කරයි.සුදුසු බිම් කොටසක් සොයා ගැනිමෙන් පසුව එම භුමිය දෙවියන්ට භාර දී නිවාස ඉදිකොට අවසන් වනතුරුම දෙවියන්ට මුල් තැන දෙමින් භක්තියෙන් වත් පිළිවෙත් නියමාකාරයෙන් සිදු කරයි.
නිවාස ඉදිකිරීමේදී පාදමේ සිට ම මැටි හා ගල් භාවිත කරයි.බිත්ති නැග්ගිමේදී ද ගල් යොදා ගෙන ඇත.එමෙන්න් ම සමහර නිවාස වරිච්චි බිත්ති වේ.ඒවා මැටි ගසා නිර්මාණය කොට ඇත.
මැටි බිත්ති
නිවාස ඉදිරියේ නිවසින් ඉදිරියට පන්නා සැකසු කුඩා කොටසක් වෙයි. මෙහි භාග බිත්තියෙන් නිමවා ඇත. ඉද ගැනීමට හැකිවන ආකාරයේ ආසනයක් ද ගල් හා මැටි යොදා ගෙන නිමවා ඇත.මෙය ගම්වැසියන් ආගන්තුකයන් පැමිණි විට ඔවුන්ට සත්කාර කිරීමට යොදා ගන්නා බව ඔවුන් පැවසිය.මෙහි බිම ගොම ගා පිළියම් කොට තිබෙනු දක්නට ලැබිණි.බොහෝ නිවාස වල බිත්ති ද මැටි ගා ඔප දමා පසුව හුණු ගා තිබිණි.එමෙන් මදොර ජනෙල දැවයෙන් නිර්මණය වුවා විය.නිවාස තැනීමට අවශ්‍ය ගඩොල් තම නිවසේම නිපදව ගැනිමට ගැමියන් කටයතු කරයි.වහලය උළු සෙවිලි කල නිවස ද දක්නට ඇත.මීමුරේ පවතින දැඩි සුළග හේතුවෙන් වර්තමානය වනවිට වහලට කොන්ක්‍රීට් යොදන බව ඔවුන් පැවසිය. මේ වන විට තම පැරණි නිවාස පවතිද්දී ම නව නිවාස සැදිමට මීමුරේ ජනයා උත්සුක වී ඇති බව පෙනෙයි.
කඩුල්ල
ඉඩම් වෙන් කළ වැටක්.
මොවුන්ගේ නිවාස වලට පිවිසීමට කඩුළු දමා තිබිණි.මෙය ලි දඩු ආදරයෙන් නිර්මාණය කොට ඇත. තව ද නිවාස තනා ඇත්තේ ඉඩමේ මැදට වන්නට ය. තමන්ගේ ඉඩම් වටා ඉනි සිටුවා මායිම් බෙදා වෙන්කොට ගෙන තිබෙනු ද දක්නට ලැබිණි.
එමෙන් ම නිවෙස් වල මුළුතැන් ගෙය ඉතාම සරල ආම්පන්න වලින් යුක්ත එකක් විය.ලිප බිම තනා තිබුණු නිවාස ද වැඩි ප්‍රමාණයක් හමුවිය.මෙම ලිප් ගොම ගෑ ඒවා විය. ලිප අසලම ඉවිමට අවශ්‍ය අඩුම කුඩුම තබා තිබිණි.වංගෙඩිය,මෝල්ගහ,කුරහන් ගල,ආදී දේවල් ද මේ අතර වෙයි.කුස්සියේ බිමද මැටි හා ගොම ගා තිබිණි.සමහර නිවාස වල නිවසේ කුස්සියට අමතරව එළිමහනේද කුඩා කුස්සියක් දක්නට ලැබිණි.
මොවුන්ගේ නිවාස තුල ඉතාම සීමිත බදු බාහිරාදිය පවතින අතර නිදා ගැනීමට වැටකේ පැදුරු යොදා ගනී. මේවා නිර්මානය කරන්නේද නිවැසියන් වීම විශේෂයි.මෙම පැදුරු රැදවිමට වහලයේ සිට ලනුවක් එල්ලා ආදරයකයක් තනා තිබිණි. මෙයින් නිවසේ ඉඩ කඩ ඉතිරි කර ගැනීමටත්, පැදුරු වලට් ආරක්ෂාවක් ලබා දීමටත් ගත උත්සහයක් බව ඔවුන් පැවසිය.එමෙන්ම ගොවිතැන්කටයුතු වලදී අවශ්‍ය වන කුරුණිය,වී මැනීමේ උපකරණ අඩිය නිවසේ එක් කාමරයක් තුල ගබඩා කර තිබිණි.
මොවුන්ගේ වැසිකිලි නිවාස වලින් පිටත ඉදිකොට තිබිණි.එමෙන්ම සෑම නිවසයකම පාසා ළිදක් දක්නට ලැබුණු.
මොවුන්ගේ නිවාස මෙන්න කුඹුරු හා ගොවිතැන් ආශ්‍රිතවද විශේෂ භූ නිර්මාණ ලක්ෂණ දකන්ට ලැබිණි.
කුඹුරු වලට ගොඩවීමට තන ඇති පිවිසුම් මාර්ග වල කළු ගලින් බැමි බැද ඇත.එමෙන්ම තනි පුද්ගලයකුට පමණක් වරකට ඇතුලු විමට හැකි පමණේ ඉඩක් තබා ඇත.මොවුන් ගොවිතැන් කරන්නේ හෙල්මළු ක්‍රමය අනුවයි මෙය සම්මානයේ සුන්දරත්වය වැඩ ත්‍රව කිරීමට සමත්ව ඇත.
ඉතා සරල ඇවතුම් පැවතුම් වලින් පරිපුර්ණ වූ ජිවිතයකට හැඩගැසී සිටින මීමුරේ ජනතාව තම නිවාස හා අනෙකුත් විවිධ ඉදි කිරීම් කිරීමේදී ද මේ සරල බව උපයුක්තකොට ගෙන කටයුතු කොට ඇති බව ගම්‍යමාන විය.





Lassanai nango
ReplyDeleteThank u akke
DeleteAluth deyak karala thiyenawa...
ReplyDeleteThankz yasa
Deletegood work
ReplyDeleteThanks dr
DeleteGood artical dear ....
ReplyDeleteThanks dr
DeleteThanks dr
Delete😊
ReplyDelete:O:-!:-*;-):-)
Delete:O:-!:-*;-):-)
DeleteThaks thila
DeleteThaks thila
DeleteThankyou all my loving frnds
ReplyDeleteThat's good
ReplyDeleteThan u ayye
DeleteThan u ayye
Delete♥
ReplyDelete:-*
DeleteHotel The Casino, Atlantic City - Mapyro
ReplyDelete› Casino › Hotel › 창원 출장마사지 The › Casino › Hotel › The 진주 출장안마 The 경상북도 출장샵 Casino Hotel & Racetrack, Atlantic City is a luxury hotel and casino located in Atlantic City, NJ. 세종특별자치 출장안마 The 제주 출장안마 property has 2 outdoor swimming pools, an indoor pool and a